Powered By Blogger

Tuesday, September 27, 2011

රතු ග්‍රහයා මත නිල් දිය දහර ගැන නව බලාපොරොත්තුවක්

altඅඟහරු ග්‍රහයා මතුපිට ද්‍රව ජලය පැවතීමේ ඉඩක් පවතින බවට නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති.
වසර 15කට අධික කාලයක් තිස්සේ නාසා ආයතනයේ විද්‍යාඥ‍යෝ මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා තිබූ අතර මේ වනවිට එය තහවුරු කළ හැකි සාක්ෂි ලැබෙමින් පවතින බවද ඔවුහූ වැඩිදුරටත් පවසති.
altනාසා ආයතනයේ අඟහරු නිරීක්ෂණය පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියෙකු වන මයිකල් මේයර් මහතා පවසන්නේ එහි ජලය තිබේ නම් ජීවයද පැවතිය හැකි බවයි.
ඇරිසෝනා සරසවියේ ග්‍රහ‍ලෝක භූ විද්‍යාවේදියෙකු වන ඇල්ෆ්‍රඩ් මැක්එවන් විසින් දැනට ලැබී ඇති අඟහරු  ග්‍රහයාගේ ඡායාරූප පදනම් කරගනිමින් පවසන්නේ රතු ග්‍රහ‍යා‍ගේ ගිම්හාන සෘතුවේදී ජලය ගලාගිය 'ඇල' මාර්ග වැනි සළකුණු දක්නට ඇති බවත් ඒවා ශීත සෘතුවේදී නොපෙනී යන බවත්ය. එබඳු 'ඇල' මාර්ග දහසකට වඩා අඟහරු මතින් සොයාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පවසයි.
එබැවින් තමා අඟහරු මත ලුණු ලවණ මිශ්‍රිත ජලය ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ලුණු මඟින් එම ජලයේ අයිස් සෑදෙන උෂ්ණත්වය තවත් පහළ හෙළන බවද මැක්එවන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි. කෙසේවුවද මෙය තවමත් කල්පිතයක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
අඟහරු ග්‍රහයා මතුපිට ඝන අවස්ථාවේ පවතින ජලය (අයිස්) ඇති බව විද්‍යාඥයින් විසින් මෙයට පෙර අනාවරණය කරගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් AFP පුවත් සේවය අනාවරණය කළේ මෙසේය. (Video)


CollectSpace වෙබ් අඩවිය එය මෙසේ වාර්තාකර තිබිණි. (Video)

No comments:

Post a Comment