Powered By Blogger

Thursday, August 11, 2011



August 11, 2011 at 6:24 pm | Lanka C News

නාථ දෙවියන් හෙවත් අවලොකිතේෂ්වර නාථ සංකල්පය ක්රි.. හත අට සියවස් වල ලංකාවේ ප්රබලව මුල් බැස ගත්තකි. එවක ඉන්දියාවේ පල්ලව දේශයේ මහායාන බුද්ධ ධර්මය ප්රචලිතව තිබුණි. දෙවන කාශ්යප රජුගේ පුත් මාන කුමරු දෙමළ ආක්රමණ නිසා පල්ලව දේශයට පැන ගොස් එහි රජ වාසලේ සේවය කොට පල්ලව රජුගේ උදව් උපකාර ලැබ සේනා සංවිධානය කොට දෙමළ සෙනග පරාජයට පත් කොට වර්මන් නම් අභිධානය ගෙන මානවර්මන් නමින් අනුරාධපුරයේ  රජව විශිෂ්ඨ රජ පරපුරක් බිහි කළ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මහායාන සංකල්ප විසින් අනුරාධපුර මුල් යුගයේ සිට කරන ලද බලපෑම නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට එය ප්රතික්ෂේප කළ නොහැකි විය. මානවර්මන් යුගයේ සිට එම සංකල්ප ථෙරවාදී න්යාය මතට ගලප්පාගන්නට කරන ලද වෑයමක් ප්රකට වෙයි. බෝධිසත්ව සංකල්පය එහිදී මූලික වෙයි. ජාති ජරා මරණයන්ට භාජනව සසර සැරි සැරීමෙහි කලකිරී පාපයන්ගෙන් තුරන්ව පාරමිතා පූරණයෙන් හා අසූසාර දහසක් ධර්ම ස්කන්ධයන්ගේ හේතුවෙන් බෝධිය සොයමින් සකල පුණ් සම්භාරයන් රැස් කරන්නේ බෝධි සත්ව චිත්තයයි. (ලක්දිව මහායාන අදහස්) බෝධි චිත්තයේ දී ප්රධාන වනුයේ කරුණාව සහ ප්රඥාවයි.

ලංකාවේ දී විශිෂ්ඨ බෝධි සත්ව ප්රතිමා හමුවන්නේ අනුරාධපුර යුගයේ දීය. මහායාන බුද්ධ ධර්මයේ සඳහන් පරිදි සියලුම සත්වයින් විමුක්ති  මාර්ගයට ප්රවිෂ්ඨ වීම සඳහා බෝධි සත්ව පාරමිතාව පිරිය යුතුය. බෝධි චිත්තය වර්ධනය කර ගත යුතුය. නාථ මෛත්රී ක්ෂිති ගර්භ ආකාශ ගර්භ වජ්රපාණී ආදී වශයෙන් බෝධි සත්ව වරු රාශියක් පිළිබඳ සංකල්පනා ලංකාවේ දක්නට ලැබෙන්නේ මේ නිසාය. බුදුරුවගල දී ලෝකේශ්වර නාථ තාරා දේවි මෛත්රී යන බෝධි සත්ව ප්රතිමා සියල්ල එක් ස්ථානයක දක්නට ලැබේ. අනුරාධපුර වෙහෙරගලින් ලැබෙන රාජ ලීලාව නිරූපිත ප්රතිමාව විශිෂ්ඨ කලාකෘතියක් ලෙසට සැලකේ. මහනුවර නාථ දේවාලයේ දක්නට ලැබෙන්නේ මෙවැනිම ප්රතිමාවකි. අනුරාධපුරයේ ථූපාරාමය අසලින් සොයා ගත් මෛත්රීය බෝසතුන් ගේ ප්රතිමාවද විශිෂ්ඨ කලා කාතියෙකි. වැලිගම කුෂ්ඨරාජ ගල යයි දක්නට ලැබෙන ගල් පිළිමය දකුණු ලක තිබෙන අවධානයට ලක් නොවූ කලා කෘතියෙකි. ප්රතිමා මකුටයේ ධ්යානී බුදු රුව දක්නට ඇති හෙයින් මෙය ලෝකේශවර නාථ රූපයක් ලෙසට හඳුනා ගෙන තිබේ. අසල ඇති අග් බෝධි විහාරයේ නාථ ප්රතිමාව වශයෙන් මෙය සැලකිය හැකිය. කුෂ්ඨ රෝගයකින් පෙලුණු පෙර රජ කෙනෙකු අග් බෝධි විහාරයට වූ භාරයක් නිදහස් කරලීමට මෙය නෙලන්නට ඇතැයි කියැවේ.

අනුරාධපුර යුගයෙන් පසු කාලීන රජවරු සිය රාජ්යත්වය සහතික කර ගැනීමේ දී නාථදෙවියන් ගේ වරම ලබා ගත්හ. දළදා වහණ්සේ ගේ උරුමය ශක්තියක් කර ගත්හ. රාජ කුමාරයෙකු රාජ්යත්වය වෙනුවෙන් නිර්දේශ කළ පසු ඔහු සිය රාජකීය ඥාතීන් සමූහය සමග නාථ දේවාලයේ දික්ගෙය ඔස්සේ නාථ දෙවි වන්දනය සඳහා රවිශ්ඨ වූ ආකාරය සුවිශේෂිතය. දික්ගෙය පුරාවටම අතුරා ඇති දෙහි ගෙඩි උඩින් ඔහු ගමන නොවැටී යා යුතුය. එහිදී රාජකීය ඥාතීන් ගේ අතින් අත අල්ලා ගෙන එම ගමනට එක් නූනහොත් රජුගේ සමබරතාවය පවත්වා යා නොහැකිය. රජු එම චාරිතරයෙන් හික්මීමට පත් වේ. අවසානයේ නාථ දේවාලය ඇතුලත කරන අභිෂේකයේ දී නාථ දෙවියන්ගේ රාජ ලීලාව රජතුමාට ආරෝපණය කිරීමට අභිනව අභිධානය නාථ දෙවියන්ගේ ශිර්ෂයෙන් රජුගේ ශිර්ෂය වෙතට වඩම්මනු ලැබීම සිරිත වේ. එය පුරාණයේ දී ඉටු කෙරුණේ මෙසේය. ‘නාථ දේව රතිමාව ඉදිරිපිට තිබූ ගල් ලෑල්ල (මෙය දැන් නාථ දේවාලය ඉදිරිපිට භූමියේ දක්නට ඇත.) මතට රජ කුමරු නන්වනු ලැබේ. පරම්පරා ගත නමක් හෝ තමා කැමති අනෛක් රාජ නාම කීපයක් හෝ රන් පත් ඉරු වල ලියා නාථ දෙවියන් අත මත තබනු ලැබේ. ස්වල්ප වේලාවක් ගත වූ පසු එයින් එකක් ගෙන නළල් පටේ තබා බැඳ ඉන් පසු කිරුළ හිස පළඳී. ක්ෂතිරය වංශිකයින් වෙනුවෙන් ඔවුන්ගේ රධාන පුද්ගලයා තෝරා ගත් බව මෙහිදී රකාශ කොට රන් කෙණ්ඩියෙන් අභිෂේක ජලය රාජ් පදපරාප්ත කුමරුට වත් කළ පසු රාහ්මණ වංශිකයින් වෙනුවෙන් දක්ෂිණ සංඛයෙකින් අභිෂේක ජලය ඉසිනු ලැබේ. අනුව ගෘහපති වංශිකයින් වෙනුවෙන් කන්යා ස්තරියකගේ අතින් ජලය ඉසිනු ලබන්නේ රිදී කෙණ්ඩියකිනි.’ නාථ දෙවියන්ගේ ශිර්ෂයේ තිබෙන්නේ බුද්ධ රූපයෙකි. එය ධ්යානී බුද්ධ සංකේතයෙකි. එය සිංහල රාජ සම්පරදායට ගෙන ඇත්තේ රජු රාජ් බෞද්ධ බව හැඟවෙන සංකේතයක් වශයෙනි. බෞද්ධ දශ රාජ ධර්මය රජු වෙත පිහිටන පරිදිය.

දශ පාපයන්ගෙන් වෙන් වෙන බවද දශ පුණ් කිරයා වල යෙදෙන බවටද රජු එහිදී පොරොන්දු විය යුතුය. ලන්දේසි ආණ්ඩුකාර  විලෙමි ෆැල්ක් විසින් මල්වතු විහාරයේ සංඝ සභාව වෙත ඉදිරිපත් කරන ලද රශ්ණ මාලාවකට පිළිතුරු වශයෙන් 1769 දී ගරුතර සංඝ සභාව විසින් සකස් කරන ලද ලංකාවේ රජ සිරිත් හා ලෝක චාරිත නම් ලියවිල්ලේ  දී මේ කාරණය සඳහන් ඇත්තේ මෙසේය. ‘රාජාභිෂේකයෙන් පසු රජහු විසින් මෙසේ සිතිය යුතුය. කෙසේද මොවුන්ගේ මේ කීමෙහි ආකාර නම් ඔබ වහණ්සේ අපගේ වචනා රූප ලෙසට රාජ්ජ කර වදාළහොත් යහපත. හැටි නොකළහොත් ඔබගේ ඉස සත් කඩකට පැළේව යයි සැලකිය යුතුය.’
ද්රවිඩ නායක්කර් යුගයෙන් පසු ලෝකේශ්වර නාථ සංකල්පය අභාවයට ගියහ. රජවරු අතරෙන් දශ රාජ ධර්මය බෞද්ධ අභිෂේක ක්රමයන් ක්රමයෙන් ඉවත් විය. ඉන් පසු පොදු ජනතාව අතර ශක්තිමත් තිබූ මෛත්රීය නාථ සංකල්පය බලවත් විය. වර්ථමානයේ මහනුවර පස්ගම වේගිරිය ආදී නාථ දේවාලයන්හි ස්ථූපය මකුට කරගත් මෛත්රීය නාථයන් වන්දනාමානය සිදු වෙති. වර්ථමාන ආසනික් වසවිස පිළිබද හෙළිදරව්ව කර ගැනීමට මෛත්රීය නාථ බෝධි සත්වයින්ගෙන් ලැබුණු මග පෙන්වීම සිහිපත් කරනු වටී.
කෝට්ටේ ජයවර්ධන පුර බලකොටුව නිර්මාණය කොට උතුරේ ආර්ය චක්රවර්තී පාලනයට අභියෝගයක් වූ නිශ්ශංක අලකේශ්වර සිංහල රජ පෙළපතේ පඩුවස් දෙව් පරම්පරාවට අයත් වේ. දළ සෙන් (දාපුලුසෙන් ගිරි වංශ) ගමු මිගන්තරු (මැණික් ඔටුනු දරන්නා) නම් පල්ලව රටේ අලකේශවර පරම්පරාවේ (මාන කුමරු ගේ පරම්පරාව) වීර කේරළ රජුගේ මුණුබුරා වශයෙන් සැලකේ. හේ උතුරේ ආර්ය චක්රවර්තී බලපෑම නිසා අවතැන් වූ සිංහල රජ පෙළපත ස්ථාවර කිරීමට නිභයව අනලස්ව කටයුතු කළ නරපතියෙකි.

මැඩියෙකුට පැරදුනූ නයෙකු මෙම භුමියේ පැන යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් කෝට්ටේ දරගම නම් නියම් ගම ජය භූමියක් යයි නිශ්චය කොට එහි බලකොටුවක් තනවන්නට මේ අලකේශවරයන් කළ උත්සාහය. ඉතිහාසයක් වෙනස් කළේය. ඉන්දියාවේ විජය නගර අධිරාජ්යයේ හරිහර මහ රජහු විසින් උතුරේ ආර්ය චක්රවර්තීන් යටත් කර ගැනීම නිසා කලින් වීර අලකේශ්වර හා කරන ලද යුද්ධයේ දී කරන ලද පක්ෂපාතී දිවුරුම අහෝසී වූ වායි සලකා නිශ්ශංක අලකේශ්වරයන් ස්වාධීන වන්නට උත්සාහ ගත් බව මහාචාර්ය පරණවිතාන සිය ලිපියකින් අවධාරණය කර ඇත. අලකේශ්වරයන්ගෙන් ලද සංදේශය නිසා කිපුණු මර්තාණ්ඩ ආර්ය චක්රවර්තී මහ සේනා දෙකක් මාතලේටත් පානදුර හා කොළඹටත් එවූවත් රයිගම සිටි අලකේශ්වර සොහොයුරු දේව මන්ත්රී මේ සේනාව පරාජය කොට නැව් පවා පොඩි පට්ටමි කරන ලද බව පැවසෙයි. මින් පසු විජය නගරෙ හරිහර රජුගෙන් ආධාර උපකාර ගත් මර්තාණ්ඩ ආර්ය චත්රවර්තී යාපා පටුනට මහසේනාවක් ගෙන්වාගෙන අලකේශ්වර සමග යුද්දෙට සූදානම් වන අතර නිශ්ශංක අලකේශ්වර සිය බෑයා සමග සේනා සංවිධාන කොට යාපනයට ගොස් එම සේනාව හා යුද්ධ කොට පරාජයව සෙංකඩගල ශ්රී වර්ධන පුරයට විත් කඳවුරු බැඳගෙන සිටියහ. සෙංකඩගල නාථ දේවාලය පුරාණ රජ වරුන්ගේ අභිෂේක ස්ථානය බැවින් අලකේශ්වරයන් එහි පුද පූජා පවත්වමින් තමන් විසින් බුද්ධ ශාසනයට කරන ලද මෙහෙවර සිහිපත් කරමින් සිටිනා එක් දවසක මැදියම් රැය ගත වූ පසු නාථ දෙවියන් නා ගහේ දෙවියනුත් සමග සිහිනෙන් පෙනී සිට යුද්ධය දිනා ගත හැකි ආකාරය කියා දී අතුරුදහන් විය.

මාර්තාණ්ඩ ගේ සේනාව මාතලේ සිට කටුගස්ගොට හරහා මහවැලි ගගෙන් එතරව සෙංකඩගලට ප්රවිෂ්ඨ වන්නට එන විට අලකේශ්වරයන් මේ සේනාවට පහර දුන් අතර නැවත මාතලේ කඳවුරට පසුබස්නා ද්රවිඩ සේනාවට පිටුපසින් සිට පහර දීමට දේව මන්ත්රී සෙන් පතියා මේ වන විට මාතලේට පැමිණ සිටියහ. දෙපැත්තකින් පහර කෑ ආර්ය චක්රවර්තී සේනාව පරාජයට පත් වූ බව ඉතිහාසයේ සඳහන්ය.
මේ නිශ්ශංක අලකේශ්වර බෙදී බිඳී තිබූ මුලු රටම නැවත එකසේසත් කිරීමට ගත් මහන්සිය ඉතිහාසයේ එතරම් වර්ණනා කර නැත. ඔහු අනුරාධපුර ඇතුලු බෞද්ධ පුරවරයන් නැවත පුනරුත්ථාපනය කොට ගංපළ දී පස්වන බුවනෙකබාහු නමින් ඔටුනු පළන් බවද ඉතිහාසයේ සඳහන්ය. මේ රජු විසින් සිය නව වැනි රාජ් වර්ෂයේ දී පිට වූ පාත හේවා හැට සපුතල සගම සෙල් ලිපිය මෙහි ඉහත සඳහන් කළ පුරාවෘත්තය සනාථ කරවන සටහනක් වෙයි. සිය රාජ් පාලනයට උදව් උපකාර කළ නාථ දෙවියන් සිහිපත් කිරීමක් මෙහිදී වෙයි. මෙහි සඳහන් වන්නේ එම ලිපියයි.

ශ්රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක-ත්රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්රැ පක්ෂ අපර පක්ෂ චන්ද්රයා සේ කර  මිත් පක්ෂ පූර්ව පක්ෂ චන්ද්රයා සේ කරවමින් මෙසෙදේවතා ප්රසාදයෙන් ලංකාව එකත්පත් පත් කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ට ත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”
- මතුගම සෙනෙවිරුවන්
copy rights – muragala – lanka C news

No comments:

Post a Comment