රතු ග්‍රහයා මත නිල් දිය දහර ගැන නව බලාපොරොත්තුවක්

වසර 15කට අධික කාලයක් තිස්සේ නාසා ආයතනයේ විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා තිබූ අතර මේ වනවිට එය තහවුරු කළ හැකි සාක්ෂි ලැබෙමින් පවතින බවද ඔවුහූ වැඩිදුරටත් පවසති.

ඇරිසෝනා සරසවියේ ග්‍රහලෝක භූ විද්‍යාවේදියෙකු වන ඇල්ෆ්‍රඩ් මැක්එවන් විසින් දැනට ලැබී ඇති අඟහරු ග්‍රහයාගේ ඡායාරූප පදනම් කරගනිමින් පවසන්නේ රතු ග්‍රහයාගේ ගිම්හාන සෘතුවේදී ජලය ගලාගිය 'ඇල' මාර්ග වැනි සළකුණු දක්නට ඇති බවත් ඒවා ශීත සෘතුවේදී නොපෙනී යන බවත්ය. එබඳු 'ඇල' මාර්ග දහසකට වඩා අඟහරු මතින් සොයාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පවසයි.
එබැවින් තමා අඟහරු මත ලුණු ලවණ මිශ්‍රිත ජලය ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ලුණු මඟින් එම ජලයේ අයිස් සෑදෙන උෂ්ණත්වය තවත් පහළ හෙළන බවද මැක්එවන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි. කෙසේවුවද මෙය තවමත් කල්පිතයක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
අඟහරු ග්‍රහයා මතුපිට ඝන අවස්ථාවේ පවතින ජලය (අයිස්) ඇති බව විද්‍යාඥයින් විසින් මෙයට පෙර අනාවරණය කරගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් AFP පුවත් සේවය අනාවරණය කළේ මෙසේය. (Video)
CollectSpace වෙබ් අඩවිය එය මෙසේ වාර්තාකර තිබිණි. (Video)